Colombo Today Local News

“LTTE ය පටන්ගත්ත විදියටම එන්නයි හදන්නේ.. ඒක කාටවත් නැ කියන්න බෑ” – පොලිස්පති

ත්‍රස්තවාදය සහමුලින්ම අවසන් වී නොමැති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානය මුලින්ම පටන්ගත් ආකාරයට නැවත පැමිණීමට උත්සාහ කරන බවත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කියා සිටියේය.

පොලිස්පතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (01දා) සවස යාපනය පොලීසියේ ශ්‍රවණාගාරයේදී සිවිල් සංවිධාන හා ආගමික නායකයින් සමග පැවති සාකච්ඡාවක් අමතිමිනි.

“ඕනෑම රටක් ගත්තොත් එය අපේ රටට සමානයි. ත්‍රස්තවාදයක් අවුරුදු 30 ක් වැනි කාලයක් පැවති රටක අපි ත්‍රස්තවාදය අවසන් කරයි කිව්වට එහි යම් යම් බීජයන් ඒ ආකාරයෙන්ම අවසන් වුණයි කියල කාටවත් කියන්න බැහැ. එකක් ත්‍රස්තවාදීන් විසින් පාවිච්චි කරපු අවි ආයුධ ලක්ෂ ගණනින් බාරදුන්නාද සියලු ආයුධ ඉවරයි කියන්න බැහැ. අනිත් එක ඒ අයට තිබුන පුහුණුව ජීවන රටාවත් එක්ක ගියපු ආකල්ප වෙනස් වෙලා නැහැ.

අපේ නිලධාරීන්ගෙත් වැරදි තිබුණා. මේක මේ විදිහට යන්න දෙන්න බැහැ. මේක නවත්තන්න වෙනවා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය දැන් ආරක්ෂාව තහවුරු කරල තියනවා. නමුත් අපිට මහජනතාවගේ සහයත් අවවශ්‍යයි.

විවිධ අන්තවාදීන් හා සංවිධාන වල පුද්ගලයින් විසින් විවිධාකාරයෙන් ජනමාධ්‍යත් යොදාගෙන මේ සාමය හා ජනජීවිතය අවුල්සහගත වන අයුරින් වැරදි අර්තකතනයන් දේශීය හා විදේශීව දෙන්න උත්සහ කරනවා. හුදෙක් ඒ අයගේ පෞද්ගලික අවශ්‍යතා හා පැවත්ම මෙන්ම මුදල් හම්බකිරීම උදෙසා එල්.ටී.ටී.ඊ සංවිධානයත් මුලින් ආව විදිහට තමයි මේ අය එන්න හදන්නේ. මේකට අපි ඉඩ දිය යුතු නැහැ ඔබ එය නිවරදිව වටහාගන්න.

Related posts

උත්සව සමය වෙනුවෙන් ගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළට..

Admin

Facebook හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙකුට වැඩ වරදි

colombotoday

කින්නියා පන්සල උඩ කෝවිල මිස කෝවිල උඩ පන්සල් හදලා නැහැ – පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි කියයි

colombotoday

අවුරුදු 12ක මුස්ලිම් දැරියක් අවුරුදු දෙකක් තිස්සේ මුදලට විකුණලා. – දැරිය මිලදී ගත් අය අතර ප‍්‍රභූන් පිරිසකුත් – ගල්කිස්සට නොදෙවෙනි මරදානෙ කතාව

colombotoday

දුම්පානයෙන් වාර්ෂිකව පුද්ගලයින් විසිදාහක් මියයයි

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරු යළිත් වර්ජනයක් අරඔයි

colombotoday