කොරෝනා හේතුවෙන් විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් දිවයිනට පැමිණිය හ.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ , කටාර් සිට 50 දෙනෙකු, සවුදි අරාබියේ සිට 52 දෙනෙකු එලෙස දිවයිනට පැමිණි බවයි.
එසේම අද දිනයේ පාකිස්ථානයේ සිට පුද්ගලයෙකු හා මාලදිවයිනේ සිට පුද්ගලයින් 44 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිතයි.
එලෙස පැමිණෙන සියලු පිරිස් නිරෝධායනයට යොමු කෙරෙනු ඇති.
මේ වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 67 ක් තුළ පුද්ගලයින් 6879 දෙනෙකු නිරෝධායනය වෙමින් ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ය.