Colombo Today Local News

සුපිරි වෙළෙඳ සැලක් තුළ හිමිනමකට පහර දී කොල්ල කලා

හලාවත, කරවිටාගාර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමිනමකට හලාවත සුපිරි වෙළෙඳ සැලකදී තරුණයෙකු විසින් පහර දී තිබේ.

මෙම අවස්ථාවේ අදාළ තරුණයා විසින් හිමිනම භාණ්ඩ මිලදී ගන්නා අයුරු ඔහුගේ ජංගම දුරකථනයෙන් පටිගත කර ඇති අතර, හිමිනමගෙන් එයට විරෝධය එල්ල වන අයුරු එහි CCTV කැමරාවක සටහන්ව තිබේ.

හිමිනමගේ අතෙහි වූ බෑගයේ ‍යුරෝ 12,000ක් ඇතුළු ලක්ෂ 48ක මුදලක් තිබී ඇති අතර, අදාළ තරුණයා විසින් එම මුදල් සහිත බෑගය රැගෙන පළාගොස් ඇත.

හලාවත පොලීසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදකලා කරයි

colombotoday

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ අල්ලස් නඩුවෙන් නිදහස්

colombotoday

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් හෙට ලංකාවට

colombotoday

හිජාස් හිස්බුල්ලාට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

colombotoday

රට බෙදන උතුරේ යෝජනාවට එරෙහිව දකුණෙන් යෝජනාවක්

colombotoday

බඩල්කුඹුර-අලුපොත ගම්මානය හුදෙකලා කෙරේ

colombotoday