Colombo Today Local News

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ජර්මන් සංචාරයේ.. බලය බෙදන හැටි සොයා බලයි !

ජර්මානු පාර්ලිමේන්තුව හෙවත් “බුන්ඩෙස්ටැග්“ හි සභාපති ආචාර්ය නෝර්බට් ලැමර්ට් ගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරියගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු නියෝජිත මණ්ඩලයක් පසුගිය ජූනි මස 25 වැනි දින ජර්මනිය බලා ගියහ.

ජර්මානු දූත මෙහෙවරට එක් වූ ශ්‍රී ලකා නියෝජිත මණ්ඩලයට විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, විශේෂ ව්‍යාපෘති ඇමති ආචාර්ය සරත් අමුණුගම, නගර සැලසුම් සහ ජල සම්පාදන ඇමති රවුෆ් හකීම්, අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක, පාර්ලිමේන්තුවේ මහ ලේකම් බී.ඩී දසනායක, පාර්ලිමේන්තුවේ ප්‍රධාන සන්ධාන නිලධාරි උපාලි කුමාරසිංහ ආදී මහත්වරු ඇතුලත් වූහ.

ජර්මන් “බුන්ඩෙස්ටැග්“ හි සභාපති, ආචාර්ය නෝර්බට් ලැමර්ට් විසින් නියෝජිත මණ්ඩලය පිළිගෙන පළමු දිනයේ දී දෙරට සභ පාර්ලිමේන්තු දෙක අතර, ද්විපාර්ශවීය සබඳතා තර කර ගැනීමේ සාකච්ඡා පැවැත්විණ.

එහිදී කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන් කරු ජයසූරිය රාජ්‍ය පාලනයට සුදුසු හොඳම ක්‍රමය කවරේදැයි හඳුනා ගැනීමට සිය අත්දැකීම් හුවමාරු කර ගැනීමට කැමැති බව පැවසීය. ජයසූරිය කතානායක වරයා වැඩිදුරටත් පැවසූවේ, ජර්මන් දේශපාලන ක්‍රමය සහ කලාප වෙත බොහෝ බලතල බෙදාදීම, ශ්‍රී ලංකාවේ සියළු ප්‍රජාවන්ට තෘප්තිමත් විය හැකි පාලන ක්‍රමයක් ඇති කර ගැනීමට මනා උදාහරණයක් විය හැකි බවයි.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන පවසමින් සඳහන් කර සිටියේ එක්සත් ශ්‍රී ලංකාවක් තුල නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය යැයි අවධාරණය කරමිනි.

ෂ්වරින් නගරයේ මැකල්බර්ග් වොපම්න් ෆෙඩරල් රාජ්‍ය පාර්ලිමේන්තුව නැරඹීමට ද ගිය නියෝජිතයින් හට එහිදී මධ්‍යම රජය සහ පළාත් අතර, බලය බෙදීමේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට ද, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කිරීමට ද ඒ පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ද හැකි විය.

වාර්තාව සහ සේයාරුව කතානායකවරයාගේ මාධ්‍ය ඒකකයෙනි

 

Related posts

බස්නාහිර ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ !

colombotoday

පොලිස් පරීක්ෂක රංගජීව යළි සේවයේ පිහිටුවයි….

colombotoday

බිලියනයක වත්කම් රාජ් රාජරත්නම්ට යළි දෙනවාට කොටි බෝම්බවලට ගොදුරුවූවන්ගේ ඥාතීන්ගේ විරෝධය

colombotoday

වහාම ක්‍රියාත්මකවන පරිදි අරලිය ගහ මන්දිරයේ සේවකයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවයි

colombotoday

20 සම්මත කළ ආකාරයට එරෙහි පෙත්සම සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

colombotoday

වසර 18කට පසු ලංකා සිතියම වෙනස් වෙයි.. දකුණ, නැගෙනහිර වෙරළේ වෙනසක්..

colombotoday