ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරගය නැරඹීමට පැමිණ සිටි නරඹන්නන් අත තිබූ ක්රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාට විරුද්ධව ලියැවුණු පෝස්ටර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පෝස්ටර් ක්රීඩාංගණයේදී ප්රදර්ශනය කිරීම පිණිස ගෙනැවිත් තිබිණ. කෙසේ වෙතත් කිසිදු නරඹන්නකු අත් අඩංගුවට ගෙන නැති බවද පැවසේ.