Colombo Today Local News

“අර්ජුන් මහෙන්ද්‍රන් පොඩි හොරෙක්.. ලොකුම හොරා කබ්රාල්” – විජයමුණි සොයිසා

vijithamuni soiza

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට වඩා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති බවත් එසේ තිබියදී අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳ පමණක් කථාකිරීම විහිලුවක් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති විජිත් විජයමුණි සොයිසා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) වාරි මාර්ග දෙපාර්ත‍මේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදි අදහස් දැක්වූ ඔහු මෙසේද කීය. මුලින්ම මහ බැංකු අධිපති‍ ගැන චෝදනාව ඉදිරිපත් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම් මහින්ද අමරවීර මහතා. එතුමා තමයි ගිහිල්ලා අල්ලස් කොමිසමට මේ පිළිබඳ පැමිණිලි කළේ. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු මේ පිළිබඳ කෝප් කමිටුව තුළ සාකච්ඡා කළා. ඒ අනුව රජයට සෘජු තීරණයක් ගන්න පුළුවන් වුණා මහ බැංකු අධිපතිත්වය ගැන. කෝප් කමිටුව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කළ දේවල් පිළිබඳ විගණකාධිපතිතුමාගේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා.

 

Related posts

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය වසා දැමේ…

Admin

ගුවන් තොටුපොළට නව සභාපතිවරයෙක්

Admin

අස්ගිරි නාහිමියෝ ජිනීවා අධිකරණයට

colombotoday

සමීක්ෂණ වාර්තාවලින් එජාපය රත්වෙයි… විපක්ෂ නායකකම සජිත්ට ඉල්ලා සිරිකොතේ ගෝරි !

colombotoday

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශය

colombotoday

ජනපති සිරිසේනගේ පාලනය යටතේ සිදුකල පාපයෙන් මිදීමටනම් ඥානසාර හිමි නිදහස් කල යුතුමයි

colombotoday