Colombo Today Local News

ජනපතිට කල හූනියමක් කැබිතිගොල්ලෑවේ සොහොන් පිටියකින් මතුවෙයි…

පදවිය-කැබිතිගොල්ලෑ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පහළ උස්ගල්ල සොහොන් පිටියක තිබී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,…ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් තිදෙනාට, පළාත් සභා මන්ත්‍රිවරුන් දෙදෙනකුට සහ තවත් අයකුට විනකරමින් සිදුකළ හූනියමක් සහිත තඹ පත්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවී තිබේ.

පහළ උස්ගල්ල සොහොන් පිටියේ සොහොන් කොතක් අසල තිබී මීට දින දෙකකට ඉහතදී හූනියම සහිත තඹ පත්‍රිකාව ඔවුන්ට හමුවී තිබේ. හූනියම් කිරීමට දක්ෂ කට්ටඩියකු ගෙන්වා හූනියම සිදුකර තිබෙන අයුරු කැබැතිගොල්ලෑ මිනී පිටියට ගිය අපට ඊයේ (13දා) උදෑසන දැක ගත හැකිවිය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය හේතුහාමිගේ නන්දසේන, උතුරු මැද පළාත් අමාත්‍ය සුසිල් ගුණරත්න, ඒ මහතාගේ පුත්‍රයා වන තුසිත ගුණරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයන් වන පෞද්ගලික ලේකම් කවීන් දිසානායක, නීතිඥ අමිල දිසානායක හා රවින්ද්‍ර දිසානායක යන මහත්වරුන්ගේ නම් හා ඊට අඳින ලද රූප තඹ පත්‍රිකාවේ දක්නට ලැබිණි.

මීට සති කිහිපයකට ඉහතදී කිසියම් අයකුගේ උපදෙස් මත හූනියම සිදුකළ කට්ටඩියා විසින් අඟල් දහයක් පමණ දිග තඹ පත්‍රිකාවේ සිරස් අතට පුද්ගල රූප හයක් ඇඳ එහි නම් ලියා එහි තිරස් අතට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බව අඟවන රූපය ඇඳ ඊට දෙපසින් නම ලියා තිබිණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපති මැතිවරණය සමයේදී ප්‍රසිද්ධියට පත්වූ ඉන්දීය අගමැති නරේන්ද්‍රසිං මෝඩි මහතා පැලඳි ජැකැට්ටුව ඇඳ සිටින අයුරු හූනියම් තහඩුවේ ඇඳ ඇති ආකාරය දක්නට ලැබේ. මේ සොහොන් පිටියට ආසන්නයේ ඉදිකිරීමක නිරතවූ තරුණයන් දෙදෙනකු අසල වූ සොහොන් කොතක් ආසන්නයේ බිත්තර කටු, හඳුන්කූරු, රතු මල්, පොල්තෙල් සහ පහන් කිහිපයක් තිබෙන අයුරු දැක එම ස්ථානය පිළිබඳ විපරමින් බලද්දී සොහොන ආසන්නයේ රෝල්කර සඟවා තිබූ අඟල් දෙකක් පළල අඟල් 10ක් දිගින් යුතු තඹ පැහැති පත්‍රිකාව හමුවී තිබේ. එහි ජනාධිපතිවරයාගේ හා තවත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් සටහන්ව තිබූ නිසා එය කැබිතිගොල්ලෑව නගරයේ පදිංචි දැන උගත් අයකුට ලබාදීමට ඔවුන් කටයුතු කර තිබේ.

ජනාධිපතිවරයාගේ මනස අවුල් වී පක්ෂයේ වැඩ කටයුතු අකර්මණ්‍ය කිරීම සඳහා බල තණ්හාවෙන් පෙළෙන අමාත්‍යධුරයක් දැරූ අයකු මේ හදි හූනියම සිදුකර තිබෙන බවට කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ මේ වනවිට රාවයක් පැතිර යයි. මේ නම් සඳහන් පුද්ගලයන් භේදභින්න කර ඔහුට හා ඔහුගේ පවුලේ උදවියට වර්තමාන ආණ්ඩුවෙන් තැනක් ලබාගැනීම සඳහා එය සිදුකර ඇති බවට කටකතා පැතිර යන අතර හිටපු අමාත්‍යවරයා හදි හූනියම් පස්සේ දුවන්නකු බව තතුදත් අයෙක් පැවැසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය,
ආනන්ද කරුණාදාස

ඡායාරූප – ලක්බිම

Related posts

විශේෂ පොලිස් මෙහෙයුමකින් 3880ක් අත්අඩංගුවේ

colombotoday

උතුරු පළාතේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක

Admin

කොරෝනා වෛරසය මර්ධනය කිරීමට සහයෝගය දෙන්න – හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ජනතාවගෙන් ඉල්ලයි

colombotoday

මන්නාරමේ පිපිරීමක්

colombotoday

නාවික කදවුරු භූමියේ ඉඩම් ඉල්ලා මුලතිව් හී විරෝධතා !

colombotoday

නි.පොලිස්පති නාලකගේ තවත් හඬපට රහස් පොලීසියට… පොලිස්පතිගේ නමත් කියවෙයි…

colombotoday