Colombo Today Local News

ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවටය අත පොවයි.. මෝදි නොර්වුඩ්වල නොසන්ඩාල වැඩක !

(ආචාර්ය චන්න ජයසුමන මහතාගේ ෆේස්බුක් පිටුවෙන් උපාටා ගන්නා ලදී..)

සාමාන්‍යයෙන් එක් රටක නායකයෙක් තවත් රටකට ගිහින් ජනහමු පවත්වන්නේ නැහැ. සිදුවන්නේ රාජ්‍ය තාන්ත්‍රික කතා බහක්. යම් ජන කොටසකට සුවිශේෂී කාරණයක් කතා බහ කරන්න අවශ්‍යනම් ඔවුන්ගේ නියෝජිතයන් කිහිප දෙනකුට අදාල රාජ්‍ය නායකයා හමු වීමට අවස්ථාව ලැබෙනවා. එත් ඉන්දියානු අගමැතිතුමා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් නගරයේ ජනහමුවක් පවත්වනවා.

නෝර්වුඩ් කියන නම අපේ නොවුනට එහෙ ජීවත්වන බහුතර ජනතාව ශ්‍රී ලංකික පුරවැසියන්. ඔවුන්ගේ සීයල ආච්චිලා මේ ප්‍රදේශයට අරගෙන ආවේ ඉංග්‍රීසි ජාතිකයන්. ඒ කෝපි සහ තේ වගාවට. ඔවුන්ට ශ්‍රී ලාංකික පුරවැසි ලැබුනේ දශක කිහිපයකට එපිට දී. කවද පුරවැසිකම ලැබුනත් දැන් ඒ මිනිස්සු අපේ රටේ මිනිස්සු. හැබැයි ඉන්දියානු අගමැතිතුමා නෝර්වුඩ්වල ජනහමු තියන්නේ එහෙ තාම ඉන්නේ ඉන්දියාවේ මිනිස්සු කියල හිතාගෙන වෙන්න ඇති. මේකේ වරද ඒ මිනිස්සුන්ගේ නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ නායකයෝ කියා ගන්න දිගම්බරන්ලා තොන්ඩමන්ලගෙත් නෙමෙයි. ඒ අයට මේක තමන්ගේ බල පරාක්‍රමය පෙන්වන්න, ඉන්දියානු අවධානය වැඩි කරගන්න අවස්ථාවක් විතරයි. වරද තියෙන්නේ ඉන්දියාව අතේ.

ඉන්දියානු අගමැතිතුමා, ඉන්දියානු බමුණු කුලයේ නිලධාරී පැලැන්තිය මෙවැන්නක් සදහා ඉඩ දීපු එකම පැහැදිලිවම අපේ රටේ ස්වෛරීභාවයට අත පෙවීමක්. දැන් ඉන්න ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිතුමා, අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා නොර්වූඩ්වල විතරක් නෙමෙයි ලංකාවේ වෙන ඕනෑම තැනක ඉන්දියානු අගමැතිතුමාට ජනහමු තියන්න අවශ්‍ය සියලු පහසුකම් සපයල දෙයි. ඒ ගැන අපි පුදුම වෙන්න ඕන නැහැ. එත් ඉන්දියාවට තිබුණා මේ වගේ නොසන්ඩාල වැඩක් නොකර ඉන්න.

මේ නිකමට අහන්නේ මෛත්‍රීපාල සිරිසේන අපේ ජනාධිපතිතුමාට කාශ්මිරේ ජම්මුවල හරි ශ්‍රීනගර්වල හරි මහජන රැස්වීමක් තියන්න ඉන්දියාව ඉඩ දෙයි ද? අඩුම ගානේ (දාලිත්) බෞද්ධයෝ විශාල පිරිසක් ජීවත්වන මහාරාෂ්ඨයේවත්.

FB චන්න ජයසුමන

Related posts

මෝටර් රථ දෙපාර්තමේන්තුවත් වැසේ

colombotoday

බස්නාහිර 20+ අය එන්නත ගන්න ඔන්ලයින් රෙජිස්ටර් වෙන හැටි මෙන්න

colombotoday

යුද්ධය දිනූ ගුවන් හමුදාපතිට සහ නාවික හමුදාපතිට ෆොන්සේකාට නොදෙවෙනි තනතුරු

colombotoday

ඇමති මලික් එජාප රැස්වීමට බලෙන් පැනලා… පාඩමක් උගන්වන්න දේශපාලන මණ්ඩලය සැරසේ

colombotoday

පාස්කු බෝම්බ, තව්හිද් ජරමර අස්සේ ජාතික ආර්ථිකයේ හදවත කපා කෑල්ලක් ඉන්දියාවට, ජපානෙට දෙන්න ගිවිසුම්ගත වෙයි…

colombotoday

අන්තවාදී සංවිධාන පිරිවරාගෙන එන්.එම් අමීන් පාස්කුව වෙනුවෙන් කතෝලිකයන්ට සුභ පතයි.

colombotoday