Colombo Today Local News

පරම්පරා තුනකට හම්බන්තොට චීනයට.. චීන සමාගම අවසන් ඔප්පුව සකසා අවසන් !

හම්බන්තොට වරාය ඇතුළු අක්කර 1235 එහි සතු නිශ්චල හා චංචල දේපළ ඇතුළුව එහි අභ්‍යන්තර සියලු කාර්යයන් (රේගුව සහ නාවික හමුදාවේ සතු කාර්යයන් හැර) මෙම බදු ඔප්පුව අනුව නව සමාගමට පවරනු ලබයි. එය වසර 99 ක් වැනි දීර්ඝ කාලයක් සඳහායි, එමෙන්ම මෙය අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියු පරිදි පරම්පරාව තුනක් පමණ කාලයකටයි.

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේදි ඔහු විසින් එවකට සිංගප්පූරුව ප්‍රිමා සමාගමට වසර 25 ක් සඳහා බදු පදනම මත 1980 දි ලබාදුන් පිටි නිෂ්පාදන කර්මාන්තශාලාව මෙන්ම ප්‍රිමා සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටි රාජගිරියේ විශාල ඉඩම බදු කාලය අවසන් වී අදටත් රජයට සතයකුදු ලබා නොදි ප්‍රිමා සමාගමේ භුක්ති විදිමින් සිටි.

එබැවින් පරම්පරාවන් තුනක් නොව සදාකාලිකව මින් පසු හම්බන්තොට වරාය අපිට හිමි නොවෙනු ඇත. එමෙන්ම මේ පැවරීම මත හම්බන්තොට අවට අක්කර 15000 ක් චීනයේ මහා පරිමාණ දූෂණ සහිත සමාගම් ඉදිකිරීමට ලබාදීමට අනාගතයේ දි ශ්‍රීලංකාවට අකමැත්තෙන් වුවද එකගවීමට සිදු වේ.

lankacnews

Related posts

එළඹෙන මාසයේ සිට ඉන්ධන කෝටාවේ වෙනසක්

Admin

තෙල් සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක්.. කැරලි මර්ධන ඒකකය සීරුවෙන් (Video)

colombotoday

ගම ගොඩනැගීමට බැංකු සේවා ගමට ගෙනියන්නැයි ජනපති කියයි

colombotoday

ගිනිගත් නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයි

colombotoday

රතන හිමි ආණ්ඩුපක්ෂයේ කලකිරීමෙන් සිටින මන්ත්‍රීවරු එකතුකරයි. | තැන තැන රහස් සාකච්ඡා පවත්වති.

colombotoday

“වැට් බදු ගෙවන්න බැරිනම් දුරකථන ඕෆ් කර දමන්න“ – ඇමති රාජිත

colombotoday