තමන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස ඇප නොදී රදවාගෙන සිටීමට විරෝධය පලකරමින් වැලිකඩ සිර මැදිරියේ උපවාසයක් ආරම්භ කර තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ වන විට ජලය පානය කිරීමද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔහු අද (23) උදෑසන ආහාරයද රැගෙන නොමැති අතර, මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව බන්ධනාගාරයේ වෛද්‍යවරුන් නිරන්තර විමසිල්ලෙන් පසුවන බවයි පැවසෙන්නේ.
මන්ත්‍රීවරයා උපවාසය ආරම්භ කළේ ඊයේ (22) උදෑසනයි.