Colombo Today Local News

ශ්‍රී ලංකාවේ නම වෙනස්විය යුතුයි – ගම්මන්පිල

බුද්ධාගම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බවට පත්කිරීම, ජනාධිපති ධුරයේ වාර සීමාව ඉවත් කිරීම සහ ජනපතිවත් මහ මැතිවරණයෙන්ම තෝරාපත් කරගැනීම ඇතුළු නිර්දේශ ඇතුළත් යෝජනාවලියක් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන විශේෂඥ කමිටුව වෙත ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

එහි නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ මේ වනවිටත් අදාළ විශේෂඥ කමිටුව යෝජනා කෙටුම්පත් කරමින් සිටින බවය.

“මුලින්ම අපි යෝජනා කරන්නේ ශ්‍රී ලංකාවේ නම වෙනස්විය යුතු බවයි. දැන් කියන්නේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ශ්‍රී ලංකා ජනරජය. රටේ නම ශ්‍රී ලංකා ජනරජය ලෙස වෙනස්විය යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකා රාජ්‍ය සහ බුදුදහම අතර පවතින සුවිශේෂී බැඳීම පිළිබිඹු වන ආකාරයෙන් බුද්ධාගම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බවට පත්කළ යුතුයි. විධායක ජනාධිපති ධූරය තවදුරටත් රැකගත යුතුයි. හැබැයි ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවට වගකියන අධිකරණයට යටත් ධූරයක් බවට පත් කළ යුතුයි. ජනාධිපතිවරණය අහෝසි කරලා පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති ධූරය භාර ගන්නවා. ජනාධිපති ධූරයට තියෙන වාර සීමාව ඉවත්කළ යුතුයි. සියලුම පුද්ගල සහ ප්‍රාදේශීය නීති අහෝසි කරලා ඒක රටක් ඒක නීතියක් යටතේ සමස්ත ජනතාවම පාලනය විය යුතුයි කියලා අපි යෝජනා කරනවා.”

Related posts

ජල බිල ඉහළ යන ලකුණු… වැසි ජලය භාවිතා කිරීමට හුරු කිරීමට අවධානය…

colombotoday

රත්නපුර ගංවතුර තත්ත්වය ඉහළ යා හැකියි… පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි

colombotoday

පිල්ලෙයාන්ට එරෙහි ඝාතන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව නිතීපති අධිකරණයට දැනුම් දෙයි.

colombotoday

නව චීන තානාපති ගෝඨාභය හමුවෙයි

colombotoday

පුත්තලමේ කඩොලාන කැපිල්ලෙන්, නුදරේදී කාන්තාකරීණයට අතවනයිද?.

colombotoday

ගම්පහදී කොවිඩ් ආසාදිතයන් තිදෙනෙක් ලේ දන්දීලා

colombotoday