ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රෝහල්ගත කර තිබෙනවා.
ඊයේ රාත්‍රීයේ පපුව ප්‍රදේශයේ ඇතිවූ වේදනාකාරී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගනු පිණිස රෝහලට ගිය අවස්ථාවේදී රෝහල්ගත වන ලෙස වෛද්‍යවරයා කළ නිර්දේශය අනුව මෙලෙස රෝහල් ගත වූ බව සඳහන්ය.
රෝහල්ගත වූ මහාචාර්යවරයා වෙනුවෙන් මෙරට සිටින ඉහලම වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවා කණ්ඩායමක් විසින් නිරන්තර පරීක්ෂාවට ලක් කරමින් සිටින බවද වාර්තා වෙයි.