Covid 19

බස්නාහිරින් පිටවෙන්න ගිය තවත් 13කට කොවිඩ්

බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ (29) දිනයේ දී 13 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ස්ථාන 11ක දී සිදුකරනු ලබන පරීක්ෂණ තුළින් එම ආසාදිතයින් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 18 වන දින සිට සිදුකරනු ලැබු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 10,986 දෙනෙක් අතරින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 74ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 377 දෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ වන විට හඳුනාගත් ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

බස්නාහිර පළාතෙන් පිටතට කොවිඩ් වෛරසය පැතිර යෑම වැළැක්වීම සඳහා මෙම පරීක්ෂාවන් සිදුකරනු ලබන බවත් එය ජනවාරී මස 5 දක්වා සිදුකරන ලබන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර, ඊයේ දිනයේ දී කොටුව හා ගාලුමුවදොර ප්‍රදේශවල සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ තුළින් ආසාදිතයින් 9 දෙනෙක් හඳුනාගෙන තිබේ.

එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් කඩකල පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකල පුද්ගලයින් 1957 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368ක් !

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින්ගෙන් පැයකට නවදෙනකු මියයයි

colombotoday

ඊයේ කොවිඩ් මරණ 21ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday

අටුළුගම ගිය කහවත්තෙ පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායනයට

colombotoday

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ සේවකයෙකුටත් කොවිඩ්

colombotoday