Colombo Today Local News

හිරිහැරයන්ට ලක් වූ ශ්‍රී ලාංකිකයින් 293ක් දිවයිනට

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වී සිටි ශ්‍රී ලාංකිකයින් 293 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකාරු සඳහන් කළේ, අද අලුයම පැමිණි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවයි.

මේ අතර අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ ගුවන් යානා 20 කින් මගීන් 681 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළට ළඟා විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 83 දෙනෙකු, අබුඩාබිහි සිටි 77 දෙනෙකු පකිස්ථානයේ සිටි 39 දෙනෙකු ද බංග්ලාදේශයේ සිටි 34 දෙනෙකු ද පැමිණි පිරිසට ඇතුළත් ය.

Related posts

නීති විරෝධී මත්පැන් පොලිසියට අල්ලන්න බෑ

colombotoday

මිලියන 23ක කේරළ ගංජා තොගයක් මන්නාරමේ කැළෑවක

colombotoday

කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

colombotoday

අගමැතිතුමා බැදුම්කර වංචාවේ සියළු මුදල් සාක්කුවේ දාගත්තේ නෑ… එතුමා පාරිශුද්ධ බෝධිසත්වයෙක් නෙවෙයි – රංජන් අගමැතිගේ ක්ලීන් සූට් ගලවයි

colombotoday

පිය – පුතු දෙපළ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ජිප් රියට බිලි

Admin

ජූලි මාසයේ Lanka Premier League අරඹුමට පෙර මූල්‍ය කුසලානකට මුහුණදෙයි

Admin