Colombo Today Local News

මුතුරාජවෙල තෙත්බිම් කලාපය ගැන අභියාචනාධිකරණයෙන් නීතිපතිවරයාට නියෝගක්

මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ නීතියට පටහැනි ආකාරයෙන් ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සිදුවන්නේ දැයි සොයා බලා මේ මස 09 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ.

මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ සිදුවන නීති විරෝධී ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් තුමන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් අද (03)දින කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කෙරුණි.

එම පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එය සලකා බැලීම සඳහා මාර්තු මස 30 වනදා කැඳවන ලෙසද විනිසුරු මඬුල්ල නියම කළේය.

එම පෙත්සම අද කැඳවූ ලැබූ අවස්ථාවේදී කාදිනල් තුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ නීතිවිරෝධී ලෙස එළිපෙහෙළි කිරීම් හා සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතින බව සඳහන් කළේය.

එම නිසා එම කටයුතු වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුතුරාජවෙල සංරක්ෂිත කලාපය තුළට කැලි කසළ බැහැරකිරීම වළක්වාලමින් 2017 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කළ බවත් එම තහනම් නියෝගය වර්තමානයේත් බලපැවැත්වෙන බව සඳහන් කළේය.

එහි දී කාදිනල් තුමන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චමිල් පෙරේරා මහතා පෙන්වා දුන්නේ, එම තහනම් නියෝගය තුළින් කැලිකසළ බැහැර කිරීම පමණක් තහනම් කෙරෙන අතර නීති විරෝධී ලෙස ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු අදාළ කලාපය තුළ සිදුවෙමින් පවතින බව පෙන්වා දුන්නේය.

Related posts

විමල් කැටිපෙආරච්චි ITN සල්ලි මිලියන 4ක් වංචා කරලා – ජනපතිට පැමිණිලි

colombotoday

ආගමික දේශන ඇතුළත් සී.ඩී. තැටි 797ක් පල්ලියක තිබී අත්අඩංගුවට…

colombotoday

හානිපූර්ණ සඳහා වන කාර්යාලයේ සමාජිකයෙක් ලෙස විශ්‍රාමික ලුතිනල් කර්නල් රත්නප්‍රියබන්දු පත් කෙරේ

colombotoday

පාර්ලිමේන්තු නිල නිවාසය රන්ජන් ගණිකා මඩමක් කරගෙන.. හඩපට වලින් හෙළිවේ !

colombotoday

සතුන් සමග ලිංගිකව එක්වීමටත් ඉඩ දෙනවාද? සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වාගෙන් අසයි

colombotoday

ලංකාව ඉන්දියානු කොළණියක් වෙලා.. රනිල් වගකියන්නේ මෝඩිටද? – ජවිපෙ

colombotoday