Colombo Today Local News

නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත් කරන්න එපා – පොලිස්පතිගෙන් නව චක්‍රලේඛයක්

වාහන හා පුද්ගලයින් පරීක්ෂාවේදී මෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් ලබාදී තිබේ.

සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් එම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

ඇතැම් පොලිස් නිලධාරීන් මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට පරිභව කිරීම් සිදුකරන දර්ශන මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙන බව පොලිස්පතිවරයා එහිදී පෙන්වා දී ඇත.

එබැවින් එම පුද්ගලයින්ගේ ආත්ම ගරුත්වයට කැළලක් වී ඔවුන් සමාජය ඉදිරියේ අපහසුතාවට පත්වන බවද පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මන වන පරිදි පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමේදී එවැනි ක්‍රියා අත්හිටුවන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අදාළ චක්‍රලේඛය මඟින් උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් එවැනි ක්‍රියා වාර්තා වුවහොත් අදාළ නිලධාරීන්ට සහ ස්ථාන භාර නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස්පතිවරයා අදාළ චක්‍රලේඛය මඟින් පෙන්වා දී තිබේ.

මේ අතර ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 793දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නිරෝධායන නීති කඩකරන්නන් සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම් සිදුකෙරෙන බවය.

Related posts

පාස්කු ප්‍රහාරයෙන් පසු සෝදිසි මෙහෙයුම් ගැනත් යස්මින් සූකාට අසනීප හැදෙයි… ජිනීවා වෙත පැමිණිළි කරයි !

colombotoday

වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කෙරේ

colombotoday

තායිලන්තයෙන් ගෑස් මිලදී ගන්න කැබිනට් අනුමැතිය ලැබෙයි

colombotoday

වරපලාන විහාරස්ථානයක හිමි නමකට ප්‍රහාරයක් – තුවාල ලබා රෝහල් ගත කරේ

colombotoday

“ඔබේ ජයග්‍රහණයෙන් දේශීයත්වය පදනම් වු පාලනයකට ඇති නව නැඹුරුතාවය පෙන්වනවා” බ්‍රිතාන්‍ය අගමැතිට සුභපතමින් ජනපති කියයි.

colombotoday

අලුත්කඩේ අධිකරණ බලසීමාව තුල සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday