Colombo Today Local NewsNew Constitution

13 සමග නව ව්‍යවස්ථාව ගෙනෙයි.. ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම් !!

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමට බලාපොරොත්තු වන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09) කියා සිටියේය.

නව ව්‍යවස්ථාව තුළින් ජාතික ප්‍රශ්නය සඳහා 13 වන සංශෝධනය පදනම් කර ගත් විසඳුමක් ලබා දීම ආණ්ඩුවේ ස්ථාවරය බවත් ඒ මහතා පැවසීය.

නිදහස් පක්ෂයේද සහය ඇතිව නව ව්‍යවස්ථාව ගැන ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

13 වැනි ව්‍යවස්ථ සංශෝධනය ක්‍රියාත්මක කිරීම හරහා මධ්‍යම රජය දුර්වල වී විධායකය සතු  බලතල පළාත්සභාවලට හිමිවන බැවින් ඒ හරහා රට ෆෙඩරල්කරණයට ලක්වන බවත්, රට කැබලි කිහිපයක කැඩී යෑමේ අවදානමක් මතුවන බවත් ව්‍යවස්ථා විශේෂඥයෝ අනතුරු අගවා සිටිති.

Related posts

කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ

Admin

“අල්ලස් චෝදනාව නිසා ජනපති මෛත්‍රීට සැගවෙන්න තැනක් ඉතිරි වී නැහැ” – නිර්මාල් රංජිත්

colombotoday

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ගැනීම නවතයි

colombotoday

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද දිවුරුම්දෙයි

colombotoday

ජයග්‍රහණයෙන් පසු නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකල ප්‍රථම ප්‍රකාශය

colombotoday