Colombo Today Local NewsHot News

හිටපු කොටින්ගේ ප්‍රහාරක සැලසුමක්.. ත්‍රස්ත විමර්ශන ඒකකය අනාවරණය කරයි !!

පුනරුත්ථාපනය වූ හිටපු කොටි සාමාජිකයන් ප්‍රතිසංවිධානය වී ප්‍රහාරයක් සදහා සැලසුම් කරමින් සිටින බව ත්‍රස්ත විමශන ඒකකය අනාවරණය කරගෙන ඇතැයි පෙබරවාරි 05 ඉරිදා ලක්බිම පුවතක් පලකර ඇත. එම ප්‍රවෘත්තිය පහතින්.

කිලිනොච්චියේදී මාර්ග ආරක්ෂක රාජකාරියේ නිරතව සිටින ‍පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කොට ගිනි අවි පැහැර ගැනීමක් ඇතුළුව එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් පිරිසක් ප්‍රතිසංවිධානය වෙමින් කරන්නට නියමිත ප්‍රහාරයක සැලසුමක් අනාවරණය කරගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සමත්ව ඇත.

කිහිප අවස්ථාවකදීම එම ප්‍රහාරය එල්ල කරන්නට වෙර දරා ඇතත් ඒ සෑම අවස්ථාවකදීම එය ව්‍යර්ථ වී තිබෙන බවද සඳහන්ය. කිලිනොච්චියේ ස්ථාන කිහිපයක එල්.ටී.ටී.ඊ.ය වළදමා ඇතැයි කියනු ලබන අවි ආයුධ ගොඩ ගැනීම සඳහා ප්‍රතිසංවිධානය වීමට සූදානම් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කැණීම් කර ඇති බවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හෙළි කරයි.

පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයන් ඊට සම්බන්ධ බවත් ආයුධ සොයා කරන කැණීම රාත්‍රි කාලයේදී කිසිදු බාධාවකින් තොරව සිදුකර ඇති බැවින් එය ජාතික ආරක්ෂාවට පවා දැඩි තර්ජනයක් බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පෙන්වා දෙයි.

ලක්බිම

Related posts

අනුරගේ ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති සුමන්තිරන්

Admin

“ඩොලර්වලින් යැපෙන NGO කාරයෝ මේ රට විනාශ කරන්න හදනවා“ – අධිකරණ ඇමති

colombotoday

ව්‍යාජ දළදා මාලිගාවේ වහල ගලවයි… හිටපු පා. මන්ත්‍රී මර්වින් සිල්වා තගේකුත් දායි

Admin

චම්පික රණවකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් ?

colombotoday

ලීස් ගිවිසුම අවලංගු කිරීමෙන් පාඩුව කෝටි 1430ක් – ශ්‍රී ලංකන් ජනපති කොමිසමේදී හෙලිවෙයි

colombotoday

ඇන්ටනිපුරම් දී මුහුදු ගිය ධීවරයෙක් අතුරුදන්

Admin