Colombo Today Local News

ගැබිනි මවුවරුන්ට දෙනවා කිව්ව පෝෂණ මල්ල තවමත් නෑ !

ගර්භණී සහ කිරිදෙන මවුවරුන්ට ලබාදුන් පෝෂණ මල්ල මාස කිහිපයක සිට විධිමත් ලෙස ලබා නොදෙන බවත් මේ මාසයට අදාළව ලංකාවේ කිසිදු ස්ථානයක පෝෂණ මල්ල ලබාදී නොමැති බවත් සමස්ත ලංකා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගර්භණී මවකට ගර්භණී සමයේදී මාස 5කුත් කිරිදෙන සමයේදී මාස 5කුත් වශයෙන් මෙම පෝෂණ මල්ල ලබාදෙන බව පැවැසූ එම සංගමයේ සභාපති දීප්ති ජයතුංග මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත් පෝෂණ මල්ල ලබාදීම නිසි පරිදි සිදු නොවන බවත් මේ වසරට අදාළව කිසිදු ස්ථානයක පෝෂණ මල්ල ලබාදී නොමැති බවත් ඇය පවසා සිටියාය. ගර්භණී සහ කිරිදෙන සමයේදී මවගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා මෙම පෝෂණ මල්ල ලබාදෙන බවට ආණ්ඩුව සඳහන් කිරීම නිසා ගැබිනි හා කිරි දෙන මවුවරුන් පෝෂණ මල්ල ලබාගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ දින ගණනක් රස්තියාදු වන බවද දීප්ති ජයතුංග මහත්මිය සඳහන් කළාය.

Related posts

පයාගල පොලීසිය තුලදී සැකකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කරයි

Admin

ජිනීවා යෝජනාව ගැන අන්තර්ජාතික ඊළාම් සංසදය සතුටින්.

colombotoday

උසස් පෙළ ගිණුම්කරණයට සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර

colombotoday

මන්කිපොක්ස් මෙරටටත් පැමිණිය හැකියි..

colombotoday

අද සිට පාර්ලිමේන්තුව දින 04ක් රැස්වෙයි

colombotoday

රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනයට වැට බැඳිය යුතුයි !

colombotoday