ප්‍රශ්න කිරීම සදහා කළ කැදවීමක් අනුව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ සිටී.
මන්ත්‍රීවරයා වෙනුවෙන් පැමිණි ඔහුගේ දේශපාලන සගයන් සහ ආධාරකරුවන් පිරිසක් මේ වන විට මුල්‍ය අපරාධ කොට්ඨාසය අසල රැදී සිටී.
ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතා කිරීමක් පිළිබද විමල් වීරවංශ මහතාට චෝදනා එල්ල වී තිබෙන අතර පොලිස් ආරංචි මාර්ග තහවුරු කළේ අද ඔහුව අත්අඩංගුවට ගන්නා බවයි.