Colombo Today Local News

වැලි මාෆියාව නවතන්න රටවටේ වැලි බෙදා හැරීම වෙනස් වෙයි

දිවයින පුරා වැලි බෙදාහැරීමේ කටයුතු ලබන වසරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදු කිරීමට අවධානය යොමු වී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් පාරිභෝගිකයින් ගසා කෑම වැළැක්වීම සඳහාත්, ගුණාත්මකබවින් ඉහළ වැලි මහජනතාවට ලබාදීමත් අරමුණු කර ගනිමින් මෙම පියවර ගන්නා බව ඔහු පවසයි.

ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ වැලි බෙදාහැරීමේ කටයුතු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තමන්ට උපදෙස් දුන් බව අමාත්‍යවරයා පවසයි.

දැනට වැඩිම ඉල්ලුමක් මනම්පිටිය වැලි වලට පවතින අතර ඇතැමුන් මනම්පිටිය වැලිවලට වෙනත් වැලි මිශ්‍ර කර වැඩි මිලට විකුණනන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

රුපියල නන්නත්තාරයි… ඩොලරය රජ ගමනක… 165 සීමාවත් පනී…

colombotoday

සිවාජිගේ විරෝධයෙන් යාපනේ “සංඝමිත්තා – මිහිඳු – කාවන්තිස්ස” ප්‍රතිමා ඉවතට

colombotoday

යාපනේ ආරක්ෂාව තර කරයි.. පොලිස් විශේෂ කාර්ය බළකාය සූදානමින් !

colombotoday

හමුදා කදවුරු ඉවත් කරව් ! අපේ ඉඩම් අපට දියව් ! වව්නියාව යුද හමුදා කදවුර ඉදිරිපිට විරෝධතා

colombotoday

අමරවීර හාද්දී රතන හිමිත් මඩට බහී..

colombotoday

මල් තුනකින් තෙරුවණ පුදා සමුගෙන ගිය ගාන්ධර්වයාණන් ගැන ප්‍රිය බිරිද විමලාවන් කියන කතාව

colombotoday