Colombo Today Local News

ජපානයේ බුදු දහම වෙනුවෙන් කළ මෙහෙවරට ධම්මාලෝක හිමි ගෞරව නාමයෙන් පිදුම් ලබයි

ජපානයේ බුදු දහම නගා සිටුවීම වෙනුවෙන් කළ සේවය අගයමින් ත්සුකුබාහී ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන් “විශ්ව කීර්ති ශ්‍රී ශාසන ශෝභන“ ගෞරව නාමයෙන් පිදුම් ලැබූහ.

සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් මෙම ගෞරව නාමය උන්වහන්සේට පිරිනමනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතිනි.

ත්සුකුබාහී ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ ඉදිවූ ජපානයේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවණය කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී උන්වහන්සේට මෙම ගෞරව නාමය පිරිනැමිණි. එම අවස්ථාවට සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේ, ජපානයේ සංඝනායක බානගල උපතිස්ස නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගීවී සිටියහ.

Related posts

කැලණි ගගේ ජල මට්ටම පහලට

Admin

හිස්බුල්ලා ත්‍රස්තවාදියා පන්නනු…!!! ත්‍රිකුණාමලය ඇවිළෙයි…. පාර වසා, ටයර් පුලුස්සා ජනතාව විරෝධයේ…

colombotoday

අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක මළ සිරුරක්

Admin

සල්ලි දෙනවා නම් මැතිවරණයකට සූදානම් – මැතිවරණ කොමිෂම කියයි

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05කින් යළි බස්සයි

Admin

අද සිට රට පුරා විදුලිය කප්පාදුවන වේලාවන්

colombotoday