Colombo Today Local News

“මේ මගුල හරියන්නෙ නෑ… අවසානය ළගයි“ – යහපාලන මහ ඇමති මහින්ද සමග කියයි

මේ යන්නේ යහපාලන ආණ්ඩුවේ අවසාන කාලය බව බස්නාහිර පළාත් මහ ඇති ඉසුර දේවප්‍රිය මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පවසා තිබේ.

කටුනායක ෆුල්මූන් ගාඩ්න් හෝටලයේ පැවති බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අශෝක දයාරත්න මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යය උත්සවයේදී හිටපු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ඉසුර දේවප්‍රිය මහතා මෙසේ පවසා තිබේ.

එම විවාහ මංගල්‍යට පැමිණි ඉසුර දුටුගම්න් මහින්ද “ ආ යහ පාලන ඇමතිතුමා එන්න එන්න…යනුවෙන් කියමින් කතාකර තිබේ.

ඇඹරි ඇඹරි මහින්ද ළඟට ආ මහ ඇමතිවරයා “ අනේ සර් ඕක නම් මට කියන්න එපා. මම ශ්‍රී ලංකා කාරයනෙ..“ යනුවෙන් පවසා තිබේ.

මේ කතාවට හවුල් වූ ප්‍රසන්න “ දැන් සර් මෙයා මහ ඇමතිට අමතරව දෛව්‍යඥයන්ගෙ වැඩත් කරනවනෙ..යනුවෙන් පවසා ඇත.

“ ඔව් සර් මම ඉතිං කලින්ම කිව්වනෙ මේ මගුල හරියන්නෙ නෑ කියල..යනුවෙන් ඉසුරද ඊට පිළිතුරු දී තිබේ.

අශෝක දයාරත්න මහතාටද මඟුලේ කතාව ඇසී මොකද්ද ඉසුර මේ මඟුල කිව්වේ යනුවෙන් කලබලයෙන් කතාවට හවුල්ව ඇත.

“ නෑ නෑ මන්ත්‍රීතුමා කලබල වෙන්න එපා මේ කියන්නේ ආණ්ඩුවේ මඟුල ගැන..“ යැයි ආන්නද හරිස්චන්ද්‍ර මන්තීවරයා දයාරත්න මන්ත්‍රීවරයාගේ පිටට තට්ටුවක් දමමින් පවසා තිබේ.

“ මම කිව්වනෙ මේක කරගෙන යන්න බැහැ කියල. මේ දෙගෙල්ලලොට මෙහෙම එකට යන්න බැහැ කියල..මේ යන්නෙ අන්තිම හරියෙ යැයිද ඉසුර කියා ඇත.

Related posts

විසර්ජන පනත් කෙටුමිපතට මුදල් කාරක සභාවේ අනුමැතිය

colombotoday

සිරිකොත පක්ෂ මූලස්ථානය උණුසුම් වෙයි

colombotoday

බුදුන් වහන්සේට අපහාසකළ, අබ්දුල් රාසික්ගේ තව්හිද් ජමාත් බදුල්ලේ ලොක්කා අත්අඩංගුවට…

colombotoday

දකුණේ පාසල් හෙට සිට යළි විවෘත කෙරේ..

Admin

යාපනේ ගිය ලංගම බසයකට කාත්තන්කුඩියේදී ගල් ප්‍රහාර

colombotoday

පයිප්පය බටයක් තෙල් පෝලිමක නවතා තිබු මෝටර් රථය පසාරු කරගෙන ගිහින්

colombotoday