Colombo Today Local News

රට තුළ ඉන්ධන හිගයක් අතළගයි.. ඇනවුම් කළ නැව ඇවිත් නෑ.. සංස්ථාවේ තෙල් ඉවරයි

ඉදිරි දින කිහිපය තුළ මෙරට ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිදහස් සේවක සංගමය අනතුරු අඟවයි.

සංස්ථාවේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය මෙම තත්ත්වයට හේතුවන බව ඊයේ(05) පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති බන්දුල සමන් කුමාර මහතා පැවසීය.

සභාපතිවරයාගේ අත්සනින් නව සැපයුම්කරුවෙකු ලියාපදිංචි කර ඇති බවත් අප්‍රේල් 22 හා 23 වැනිදා වන විට 92 වර්ගයේ ප්‍රෙටල් මෙට්‍රික් ටොන් ගෙන්වීමට තිබුණද එම ඇනවුම අදවන තුරු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලඟා වී නොමැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති වී තිබූ බවත් මේ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිවන පාඩුව රුපියල් මිලියන 120කට වැඩි බවත් ඔහු සඳහන් කළේය.

මේවන විට දින 3කට පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ඇති බවත් 07 වැනිදා වනවිට ඉන්ධන නැවක් එන බව දන්වා ඇති බවත් එම නැව නොපැමිණියහොත් අනිවාර්යයෙන් ඉන්ධන හිඟයක් ඇති වන බවත් බන්දුල සමන් කුමාර මහතා වැඩිදුරටත් පැවසී ය.

Related posts

Video: පරාජිතයා… සජිත්ට එන්න දෙන්නේ නෑ… හකීම්ගෙන් රනිල්ට කුණු බැනුම්

colombotoday

පාස්කු ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක් ?

colombotoday

විදුලි අර්බුදයට විසැඳුම් දෙන්න ජනාධිපතිගෙන් පොරොන්දුවක්

colombotoday

එප්පාවල පොස්පේට් නිධියෙන් කාබනික පොහොර මෙටි‍්‍ර‍ක් ටොන් පනස් දහසක්

colombotoday

ඉන්ධනහල් අසල දිගු පෝලිම් | පිරවුම්හල් රැසක ඉන්ධන තොග අවසන්

colombotoday

මුලතිව් රෝහල පිටුපස තිබී විශාල මෝටාර් බෝම්බයක් හමුවෙයි

colombotoday