Colombo Today Local News

අවලාද එපා.. චෝදනා ඔප්පු කර පෙන්වනු.. ඥාණසාර හිමිගෙන් අභියෝගයක් (Video)

154huyyජනවාරි 8ට පෙර තමන් පෙන්වා දුන් පරිදි ඉන්දියාව සහ බටහිර රටවලට අවශ්‍ය ආකාරයට රූකඩ පාලකයන් පිරිසක් දැන් රටකරවන බවත්, නිසි නායකත්වයක් නොමැතිව රට අරාජිකවී ඇති බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

කොටි ත්‍රස්තවාදය ගොඩනැගුණාක් මෙන් ඊටත් වඩා භයානක ලෙස ඉස්ලාම් අන්තවාදය හොර රහසේ රට තුළ වැඩෙමින් පවතිද්දී දේශපාලන නායකයන් සංහිදියාවක් කතා කරමින් මේ රටේ ඓතිහාසික ජාතිය අනතුරට පත්කිරීමට දරණ වෑයම තරයේ හෙළා දකින බවද එහිමියෝ පැවසීය.

ආණ්ඩුව සිංහල බෞද්ධ බලවේග මර්ධනය කරමින් එක් අතකින් පහර දෙද්දී බලය තිබියදී තමන් පෙන්වාදුන් ගැටළුවලට කිසිදු විසදුමක් ලබා නොදුන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමද දැන් තමන් පහරදීමට පටන්ගෙන ඇති බවද පැවසූ ඥාණසාර හිමියෝ, වැටෙන ජාතිය ගැන වචනයක් කතා නොකරන දේශ ප්‍රේමයකින් ඵලක් නොමැති බවද පෙන්වා දුන්හ.

සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව ගොඩනැගෙමින් පවතින අන්තවාදයට එරෙහිව ක්‍රියා කරද්දී, රාජ්‍ය නොවන සංවිධානවලි මුදල් ලබාගෙන රටතුළ ජාතිවාදය අවුළුවන බවට ආණ්ඩුපක්ෂය සහ විපක්ෂයේ පිරිස්ද දිගින් දිගටම අවලාද නගන බව පැවසූ ඥාණසාර හිමියෝ, හැකිනම් එම චෝදනා ඔප්පුකර පෙන්වන්නැයිද අභියෝග කර සිටියහ.

Related posts

බස් ගාස්තුව 15%කින් ඉහළට… ඉදිරි සතිය ඇතුළත වැඩි නොකළොත් වර්ජනයක් අනිවාර්යයි

colombotoday

රියදුරු බලපත්‍ර මුද්‍රණය ශ්‍රී ලංකා යුද හමුදාවට

colombotoday

ඉන්ධන අර්බුදය හමුවේ නොමිලේ ගිලන් රථ සේවා ක්‍රියාත්මකයි

colombotoday

මෙරට තරුණයන් 50ක් පරිගණකත්‍රස්තයන් භාරයේ අපා දුක් විඳී

Admin

එරාවූහිදී සිදුවූ පහරදීමකින් පොලිස් පරීක්ෂක මිය යයි

colombotoday

රනිල් අගමැති කරන්නම්. පුලුවන්නම් දිවුරුම් ප්‍රකාශ 113ක් අරගෙන එන්න – ජනපති එජාපයට කියයි

colombotoday