Colombo Today Local News

දේශපාලකයන් ගැන අළුත්ගම ධම්මානන්ද මහානාහිමියෝ ඥාණසාර හිමිට කී කතාව (Video)

aluthgama-sri-dhammananda-nahimi

මේ රටේ දේශපාලකයන්ට රට හෝ ජාතිය පිළිබදව තැකීමක් නොමැති බවත් ඔවුන් කටයුතු කරන්නේ ඡන්දය ලබා ගැනීම පමණක් අරමුණු කරගනිමින් බවත්, එනිසා තවත් ටික කලකින් සිංහල ජනතාව මෙරටින් තුරන්වී යෑමේ අවදානමක් තිබෙන බවත් අතිපූජනීය අළුත්ගම ශ්‍රී ධම්මානන්ද මල්වතු පාර්ශවයේ ජේ්‍යෂ්ඨ කාරක සංඝ සභික නාහිමියන් පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසූවේ පෙරේදා දින ජාතික සංවිධාන කිහිපයක එකමුතුවෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කිරීම සදහා මල්වතු මහානාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සමග අදහස් දක්වමිනි.

වීඩියෝව පහතින්

අතිපූජනීය අළුත්ගම ශ්‍රී ධ්ම්මානන්ද මහා නාහිමියන් මේ වන විට එකසිය එක්වන විය පසුකරමින් සිටින්නේය. මල්වතු මහා විහාරයේ වැඩ සිටින වයෝවෘද්තම හිමියන් වන්නේද උන්වහන්සේය. මල්වතු මහා විහාරයේ ‘වැලිවිට සඟරජ ලකුණ’ නමින් පරසිඳු ධම්මානන්ද හිමියන් ධර්මඥානයෙන් පොහොසත් වූ, බහුශ්‍රතභාවයෙන් අගතැන්පත්, ශාසනික කුසලතාවයෙන් පිරිපුන් වූ අල්පේච්ඡ ගුණැති, නිරහංකාර ගතිපැවතුම්වලින් හෙබි, භික්ෂූන්වහන්සේලා සහ බෞද්ධ ජනතාවට අතර සම්භාවනාවට පාත්‍ර වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි. උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !

දර්ශන/ඡායාරූප – බොදුබල සේනා මාධ්‍ය ඒකකය

Related posts

ජනපති නිවස අසල විරෝධයෙන් මිලියන 39ක පාඩුවක්

colombotoday

ගෝඨා හමුවීම එජාප මන්ත්‍රීන්ට තහනම්

colombotoday

අලුත් ව්‍යස්ථාවෙන් රට ෆෙඩරල්.. ආණ්ඩුවේ අරමුණ දැන් පැහැදිළියි

colombotoday

පදිකයෙක් යට කර රථය පලා යයි. පදිකයා මරුට!

colombotoday

තෙරුවණට අපහාස කළ අබ්දුල් රාසික්ට ඇප නෑ.. නැවතත් රිමාන්ඩ්

colombotoday

බදුල්ල ශික්ෂණ රෝහලේ කෝටි හතක බිලක් – ගොඩනැගිලි තුනක විදුලිය කපයි

Admin