Colombo Today Local NewsHot News

මහා පාවාදීමකට රාජ්‍ය අනුග්‍රහය.. බුද්ධි අංශ බිද දැමීමේ තුන්මාසේ කුමන්ත්‍රණය එළියට !

t21522

යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු කල මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි ඉවත් කිරීමත් සමගම සැගවී තිබු ශ්‍රී ලංකා බුද්ධි අංශ බිද දැමීමේ කුමන්ත්‍රණයක සුලමුල එළියට එමින් පවතියි. ඒ පිලිබදව ලොව ප්‍රබලතම රාජ්‍යයන් දෙකක විශේෂ අවධානය යොමුව ඇති අතර ඔවුන් ලද තොරතුරු විශ්ලේෂණය කරන අවස්ථාවකදී පිටවූ තොරතුරු පදනම් කරගෙන මෙම ලිපිය සැකසේ.

මීට සති කිහිපයකට පෙර එනම් බුද්ධි අංශ ප්‍රධානින් ඉවත්කිරීමේ අවසාන අදියරට පෙර මිෂෙල් ඩි සියස් හරහා ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක් “පුරවැසි බලය ” නියෝජනය කරන NGO කල්ලිය වෙත ලැබුණි. මෑත ඉතිහාසයේ මෙතරම් මුදලක් ලැබුණු එකම සංවිධානය වන්නේ “පුරවැසි බලයයි”.

මාස තුනකට ඉහතදී, පළමුවෙන්ම කරන්දෙණිය හමුදා බුද්ධි බලකා මුලස්ථානයේ ප්‍රධානියා ඉවත්කරන ලදි. ඉන්පසුව රාජ්‍ය බුද්ධි බලකා මුලස්ථානයේ ප්‍රධානියා වූ මේජර් ජෙනරාල් ජගත් අල්විස් හදිස්සියේම මාරුකර යවන ලදි. ඒ වෙනුවට ආදේශ කර ඇත්තේ බුද්ධි මෙහෙයුම්වල නිරත නොවූ අත්දැකීම් රහිත නිලධාරීන්ය. පසුගිය මාස තුනක කාලසීමාව තුල රටේ ආරක්ෂාව බැරෑරුම් ලෙස පාවා දෙමින් බුද්ධි අංශ ප්‍රධානින් තුන් දෙනෙකු ඉවත්කර අද්දැකීම් නොමැති නිලධාරීන් තිදෙනෙකු පත්කිරීමට තරම් අනුවන ක්‍රියාවක් රජය ගෙන ඇත්තේ අහඹු ලෙසයැයි පැවසීම විහිළුවකි. එය පිටුපස ඇති හස්තය කුමක්දැයි සොයාබැලිය යුතුව ඇත.

බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරියකු ලෙස කටයුතු කල විජේන්ද්‍ර ගුණතිලක මහතායි. උතුරේ බිහිවෙමින් පවතින “ආවා” වැනි කල්ලි මර්ධනය කිරීම, දෙමල ඩයස් පෝරාවේ කුමන්ත්‍රණ විමර්ශනය කිරීම, නැ‍ගෙනහිර මුලික කරගන හිස ඔසවන මුස්ලිම් ත්‍රස්තවාදය මෙන්ම ශ්‍රී ලංකාව තුල සක්‍රිය ලෙස ක්‍රියාත්මක වෙන ඉන්දීය “රෝ” ඔත්තු සේවාවේ ක්‍රියා කාරකම් විමර්ශනය කිරීමට තරම් අද්දැකීමක් ඇත්දැයි ආරක්ෂක අංශ අතරම ප්‍රශනයක් පැන නගිමින් පවතියි. එසේ අද්දැකීම් නොමැති නිලධාරීන් පත්කර බුද්ධි අංශ අඩපණ කරවීමට කටයුතු කරන ප්‍රබල ඇමතිවරයකු සහ රජයේ ප්‍රධානියකු පිලිබදව ඉහත දෙරටේ තානාපති අංශ අවධානය යොමුවී ඇත.

මේ අතර බුද්ධි අංශ ප්‍රධාන තනතුරු වෙනස් කල මොහොතේ සිට ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද යුගයන්හි සුවිශේෂී බුද්ධි තොරතුරු පිටකිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. යුද සමයේ සිදුවූ ඉතා රහසිගත මෙහෙයුම් පිලිබදව රහස් පිටකිරීමේ මහා පාවාදීමකට අදාල මුලික කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවෙමින් පැවතීම මහා ඛේදවාචයකි.

Related posts

හදිසි නීතිය අවලංගු කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

සෞඛ්‍ය අමාත්‍යවරිය රෝහලේ සිට කළ ප්‍රකාශය

colombotoday

වැලිකඩ පෞද්ගලික ආයතනයකට වෙඩි තැබීමක්

Admin

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිටි සුනඛයින් 15ක් කොන්ත්‍රාත්තුවකට වස එන්නත් කර මරා දමා ඇතැයි පැමිණිල්ලක්

colombotoday

ආණ්ඩුවේ පිරිසකගේ අලුත් අගමැති කෙනෙක් ගේන්න බලා පොරොත්තුවක්

colombotoday

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් CIDයට

colombotoday