Colombo Today Sports News

මංගල ටෙස්ට් තරගයේදීම පැතුම් නිස්සංකගෙන් වාර්තාගත ශතකයක්

තම මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කළ සිව්වන ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පැතුම් නිස්සංක පත්විය.

ඒ, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදි විශිෂ්ට ශතකයක් ලබා ගනිමිනි.

මීට පෙර මෙම දස්කම දැක්වූ ශ්‍රී ලංකා පිතිකරුවන් වන්නේ

  1. බ්‍රෙන්ඩන් කුරුප්පු 201* (1987)
  2. රොමේෂ් කළුවිතාරණ 132* (1992)
  3. තිලාන් සමරවීර 103* (2001)

පැතුම් නිස්සංක ලකුණු 103කට දැවී ගියේය.

මේ අතර මංගල ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ශතකයක් ලබා ගත් දෙවැනි ශ්‍රී ලංකා පිතිකරු ලෙස ද නිස්සංක වාර්තා අතරට එක් විය.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 91කට දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 96කට දැවී ගියේය.

ලහිරු තිරිමාන්න ලකුණු 76ක් ලබා ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 375ක ඉලක්කයක් හඹායන කොදෙව්වන් සිව්වන දිනයට තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටී.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 169ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස කොදෙව්වන් සිය පළමු ඉනිමට ලකුණු 271ක් ලබා ගත්තේය.

Related posts

ටී.එන්.ඒ මන්ත්‍රීලා පුරාවිද්‍යා ස්ථානයකට අනවසරයෙන් කඩා පනී… හින්දු පූජ්‍යස්ථානයක් කියා දේව පූජාවක් තියයි…

colombotoday

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

කාසියේ වාසිය එංගලන්තයට… රංගන හේරත් අවසන් වරට ජාත්‍යන්තර තරග බිමේ…

colombotoday

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය රංගන හේරත්ට

colombotoday

දකුණු අප්‍රිකාව සහ ඉන්දියා තරගයේ විශේෂ අවස්තා මෙතනින්..

colombotoday

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත්ම බිල්ලට එරෙහිව උද්ඝෝෂණ

colombotoday