අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්රම්ප්ට බොදු බල සේනා සංවිධානය සුබ පැතුම් පිරිනමා තිබෙනවා.
ලෝක සාමයට තර්ජනයක් වෙමින් පවතින ඉස්ලාමික ත්රස්තවාදය මුලිනුපුටා දමන බවට සෘජු ප්රකාශ කරමින් අරාබි මුදල් ඇතුළු සියලු අන්තවාදී බලවේග ඉදිරියේ නොසැලෙමින් නව ජනපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්රම්ප්ට සුබ පැතුම් පිරිනමන බවයි එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
රුසියානු ජනාධිපතිවරයා විසින් ගෙනගිය ඉස්ලාමික ත්රස්ත සංවිධාන මර්ධනය කරමින් ලෝක සාමය උදාකරලීමේ වැඩසටහන සඳහා බටහිර බලවතුන් විසින් විධිමත් සහයෝගයක් නොදුන් අතර ඇමරිකානු නව ජනාධිපතිවරයා විසින් එම තත්වය මගහැර බලවතුන් සියල්ල එක්කර ගනිමින් ලෝක සාමය සහ සහජීවනය ඇති කිරීමට ක්රියාකරනු ඇතැයි බොදු බල සේනා සංවිධානය බලාපොරොත්තු තබා තිබෙනවා.