Colombo Today Local News

බැදුම්කර බෑණා NDB බැංකුවේ කොටස් සල්ලිවලට ගනී

ndb3බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ආන්දෝලනයට තුඩුදී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම ජාතික සංවර්ධන බැංකුවේ (NDB) කොටස් මිලදී ගෙන තිබේ.

ඔක්තෝම්බර් 31වන දින නිකුත් කළ එම බැංකුවේ ප්‍රධාන කොටස්කරුවන්ගේ ලේඛනයෙන් ඒ බව අනාවරණය වේ.

පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම කොටස් මිලියන 6.2කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති අතර එය බැංකුවේ සමස්ත කොටස්වලින් 3.7%කි.

මේ අතර පර්පෙචුවෙල් ඉක්විටි නමැති සමාගමක්ද NDB බැංකුවේ 2.4%ක කොටස් මිලදී ගෙන තිබේ.

පසුගිය ජුනි 30 වනදායින් අවසන් කාර්තුවට නිකුත් කළ කොටස් හිමි ලේඛනයේ මුල් කොටස්කරුවන් 20 දෙනා අතරට පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගම සහ පර්පෙචුවල් ඉක්විටි සමාගම ඇතුළත්ව තිබුණේ නැත.

එහෙත් ඉන් පසු කාර්තුවේ නිකුත් කළ ලේඛනයේ එම සමාගම් මෙසේ සඳහන් වේ.

(ලංකා ට්රුත්)

Related posts

මධූෂ් ඇතුළු පිරිස ඩුබායි රටේම සිරකර තැබීම නුවණට හුරුයි…

colombotoday

මේ ව්‍යවස්ථාව හදන්නේ හුසේන්ගේ උවමනාවටයි.. 13ත් අහෝසි කළ යුතුයි !

colombotoday

හමුදා පොලිස් සෙබලෙක් අයිස් සමග අත්අඩංගුවට

Admin

බාල ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin

මහින්දගේ ගමනට මෝදිගේ සූභ පැතුම

colombotoday

ඕනෑම මැතිවරණයකට සූදානම් – මැකෝ

colombotoday