Colombo Today Local News

බූස්ස බන්ධනාගාරයේ ඉන්දියන් ජාතික සැකකරුවෙක් නිලධාරියෙකුට පහර දෙයි

බූස්ස බන්ධනාගාර විශේෂ අංශයේ රඳවා සිටින ඉන්දියන් ජාතික සැකකරුවෙක් බන්ධනාගාර රෝහලේ නිලධාරියෙක්ට පහරදී ඇති බව වාර්තා වේ.

අමාන් ශේක් නම් එම සැකකරු ඊයේ (03) රාත්‍රී ඖෂධ ලබා දුන් ඖෂධ සංයෝජක නිලධාරියාගේ මුහුණ ට ප්‍රහාරයක් එල්ල කර තිබූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පවසයි.

අදාළ ප්‍රහාරයෙන් එම නිලධාරියා බිම ඇද වැටී ඇති අතර ඔහුව කරාපිටිය රෝහලට ඇතුළු කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයෙකු යොදවා මූලික විමර්ශනයක් සිදු කරමින් පවතින බවත් සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් දිසානායක මහතා පවසයි.

Related posts

වැලිසර නාවික හමුදා කඳවුර අද සිට විවෘත කෙරේ

colombotoday

’’රංජිත් මට බැල්ලි කිව්වා’’ – මන්ත්‍රීනී ඩයනා කියයි

Admin

දුරකථන බද්දෙන්, ‍රිදෙන්න වැදුණු අය ඉරිදට එන්න – මහ විරෝධයක් ඇල්විටිගලදී

colombotoday

“භික්ෂූන්වහන්සේලාගේ නඩු වගේම අනිත් නඩුත් වේගවත් කරන්න” – ඇමති චම්පික ඉල්ලයි

colombotoday

“ජනපතිට වැඳ සමාව ඉල්ලුවේ නෑ… සමාව ඉල්ලන්නෙත් නෑ“ – ෆොන්සේකා කියයි

colombotoday

“යහපාලන රජයෙනුත් දමිළයන්ට කෲර වධහිංසා” යස්මින් සූකා කියයි. එදා මහහඩින් කෑගැසූ මානව හිමිකම් ඈයෝ දැන් කොහි සැගවුණිදෝ

colombotoday