Colombo Today Local News

ලංවිම විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් ඇතුළු පිරිසට ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකු පරිශ්‍රයන්ට ඇතුළුවීම වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(04)දින නියෝගයක් නිකුත් කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ලංකා විදුලි සේවක සංගමය පසුගිය බදාදා තෙදින විරෝධතා ව්‍යාපාරයක් දියත් කළේය.

මහජනයාට පීඩාවක් නොවන අයුරින් උද්ඝෝෂණයේ නිරතවන ලෙසත් රාජ්‍ය දේපළ වලට අලාභානි සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එහිදී උද්ඝෝෂණකරුවන්ට නියෝග කර ඇත.

Related posts

ජනපති කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද

colombotoday

රත්නපුර සිරිපාගම ප්‍රදේශයට සංචරණ සීමා

colombotoday

කන්දකාඩුවෙන් පලාගිය රැඳවියන් 7ක් තවමත් භාර වී නැහැ..

Admin

මාලිනි විජිතා විජයවීර දිවි ගමනට සමු දෙයි

Admin

කඩිනමින් එන්නත් ක්‍රියාවලිය සිදු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

colombotoday

කැළෑබෝගස්වැවේ ඓතිහාසික අසාධාරණය

colombotoday