Colombo Today Local News

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේස්වෙස්ටන් හා රදැල්ල දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා අද (16) උදෑසන වනවිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වු විශේෂ සීඝ්‍රගාමී දුම්රියක් ඊයේ (15) සවස මෙසේ පිලිපැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවති බව පාලක මැදිරිය සඳහන් කරයි.

පිලිපැනීමට ලක් වු සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි පිලිගත කිරීමේ කටයුතු අද අලුයම 3.40 පමණ වනවිට අවසන් කිරීමට හැකි වු බවද පාලක මැදිරිය පවසයි.

Related posts

මේ කැබිනට් සංශෝධනය විහිලුවක්.. මිනිස්සු ගල් ගහයිද දන්නෑ – රාජ්‍ය ඇමති වසන්ත කියයි

colombotoday

ජාතික ප්‍රතිපත්තියක මූලික පියවර සැලසුම් කරමින් සිටිනවා – ජනපති රනිල් කියයි

Admin

මහින්දට එරෙහිව රන්ජන්ගෙන් FCIDයට පැමිණිල්ලක්

colombotoday

ත්‍රී රෝද රථයක ගැටී සුපිරි මෝටර් රථයක්‌ ගිනි ගනී.. බීමත් රියදුරුට ඇප

colombotoday

මම මහා පරාක්‍රමබාහු වගේ මට ඡන්දය දෙන්න

Admin

අන්තවාදී නිලධාරීන්ගෙන් බැටකන එරාවූර් සිංහලයන්ගේ ඉරණම !

colombotoday