Colombo Today Local News

හංවැල්ලේදී පුද්ගලයෙකුට පහර දී මරා දාලා

හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙක් රෝහල් ගතව ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඩි ඩබ්ලිව් කුශාන්ත නැමැති වයස අවුරුදු 42ක පුද්ගලයෙකි.

එම ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයකදී එම පුද්ගලයන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු වී ඇති අතර සාදය අවසන්ව එම ස්ථානයේ යන අවස්ථාවේ ඇතිවූ පහරදීමක් හේතුවෙන් එක් අයෙකු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකරුද තුවාල ලබා ජයවර්ධනපුර රෝහලේ පොලිස් ආරක්ෂා මධ්‍යයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය පවසයි.

Related posts

ජනපතිට “සිංහලේ“න් සැර ලිපියක්.. ශ්‍රීපාද අරාබි ඉදිකිරීම් සහමුලින්ම නවතනතුරු මාරාන්තික උපවාසයක්

colombotoday

අටුළුගම කර්මාන්ත ශාලාවක් ගිනිබත් වෙයි

colombotoday

හෝමාගම සමූපයත් මාලිමාව පරාදයි

Admin

බත් කෑම මාරාන්තිකයි – විල්පත්තු පාළුවාගේ ගෝලයෝ ගුල්ලොත් එක්ක හාල් විකුණයි

colombotoday

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි

colombotoday

මේ සතියේත් කැබිනට් සංශෝධනයක්…

colombotoday