පාර්ලිමේන්තු කෝප් කමිටු සභාපතිත්වයෙන් ජවිපෙ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඉවත් වීම සම්බන්ධයෙන් එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා විසින් පැහැදිිළි කිරීමක් සිය ෆේස්බුක් පිටුවේ පලකර ඇත.
සභාපතිවරයා විසින් සෑදු වාර්තාව මේ වන විට මුද්‍රණයට යවා ඇති බවත් හදුන්නෙත්ති මහතා නැගිට ගියේ එජාපය විසින් වෙනම සකසන වාර්තාවේ සභාපතිත්වයෙන් පමණක් බවත් එහි දැක්වෙයි.
ජවිපෙ නායකයා ඉන් පවසන්නේ ඉතිහාසයේද මෙවන් බෙදුනු තීන්දු ලැබුණු අවස්ථා ගණනාවක් ඇති බවයි.