Colombo Today Local News

වැස්සෙන් ආපදාවට පත්වූවන් 6000 පනී

රට තුළ පවතින අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක නවයක පවුල් 1,630 කට අයත් පුද්ගලයින් 6,049 ක් අද (5) පෙරවරු 6.00 වන විට පීඩාවට පත්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොළඹ, කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, මඩකළපුව, ත්‍රිකුණාමලය, පුත්තලම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල ජනතාව මෙසේ ආපදාවට පත්ව ඇති බවත් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 1,199 ක පුද්ගලයන් 4,299 ක් ආපදාවට පත්වීම දිස්ත්‍රික්කයකින් මෙතෙක් වාර්තා වූ වැඩිම ආපදාවට ලක්වූ සංඛ්‍යාව වේ.

අනතුරුවලින් නිවාස 122 කට අර්ධ හානි වී ඇති බව ද එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

අදයි හෙටයි කරන්ට් නොකැපෙයි! – විදුලි බල මණ්ඩලය

Admin

බුදුද හම රකින බව සපථ කරමින් ෆෙඩරල් ව්‍යවස්ථා ගේන්නේ දේශද්‍රෝහීන් – නීතීඥ කල්‍යානන්ද තිරාණගම

colombotoday

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 891ක් දක්වා ඉහළට

colombotoday

රනිල් වික්‍රමසිංහ රටට නොගැලපෙන නව රිබරල්වාදී දක්ෂිනාන්තික දේශපාලකයෙක්

colombotoday

මහබැංකුව බින්දේ අගමැති අනුග්‍රහයෙන්.. “රාජපක්ෂ ණය“ කියා රට රැවටුවත්, බඩු මිළ වැඩිවුණේ බැදුම්කර හොරු නිසයි

colombotoday

අමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

colombotoday