කන්තලේ වැව් රක්ෂිතයේ ඇති දිය පොත පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයා සහ එහි කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.
මොවුන් කිසියම් රාජකාරියක් සඳහා ඊයේ (20)දින රක්ෂිතයට දෙසට ගමන් කරමින් සිටියදී අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිසිය සඳහන්කරයි.
කන්තලේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.