Colombo Today Local News

ජල නලයක් පුපුරා පාසල් යමින් සිටි දියණිය අඩි 16ක වළකට වැටෙයි

ගොතටුව ජලපවාහන මණ්ඩලය අසල ජල නලයක් පුපුරා යාමෙන් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් අද (19) උදෑසන අඩි 16ක් පමණ ගැඹුරු වතුර වළකට වැටී අනතුරකට ලක්ව තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට පියා සහ දියණිය ඉන් ගොඩට පැමිණ ඇතැයි වාර්තා වේ.

යතුරුපැදියකින් පාසල් යමින් සිටි පියෙක් සහ දියණියක් එලෙස වළට ඇඳවැටී අනතුර සිදුව තිබේ.

පසුව පියා විසින් දියණිය එම වළෙන් ගොඩට ගෙනැවිත් තිබේ.

ජල නලය පුපුරා යාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවා ඇති බව ද වාර්තා වේ.

Related posts

බන්ධනාගාර දෙකක මරණ දඞුවම හිමිවු රැඳවියන් ආහාර වර්ජනයක

colombotoday

වියළි ආහාර මල්ල ගන්න ගිය නැන්දම්මා බෑණාගේ පිහිපහරින් මරු දකී

Admin

අනුර අත්අඩංගුවට ගන්නැයි සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

Admin

වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි- හිටපු ජනපති කියයි

colombotoday

ගිය වසර 2 1/2 ට රජයේ ණය බර බිලියන 2773 කින් ඉහළට !

colombotoday

කොවිඩ් නීති නොතැකූ පෑලියගොඩ නාගරික මන්ත්‍රීගේ අවමඟුල

colombotoday