Colombo Today Local News

සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් වෙයි

මීගහවත්ත, නාරංවල ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක වැඩ විසූ සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් වී තිබේ.

ඒ පිළිබඳව ඊයේ (21) ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව මීගහවත්ත පොලීසිය පවසයි.

එසේ අපවත්වී ඇත්තේ, වයස අවුරුදු 12ක් වන සාමනේර හිමිනමකි.

හිමිනම පන්සලේ නොමැති වීම හේතුවෙන් සොයා බැලීමේ දී ළිඳට වැටී ඇති බව දැක ඇති අතර, පසුව හිමිනමව ගොඩට ගෙන ඇත.

උන්වහන්සේ ඒ වනවිටත් අපවත් වී සිට ඇති බව පොලීසිය කියයි.

සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මීගහවත්ත පොලීසිය විසින් සිදුකරයි.

Related posts

ලාල් කාන්තට ඇප

colombotoday

ජල මූලාශ්‍ර වැනසීමේ වාර්තාව යහපාලනයට !

colombotoday

මන්ත්‍රීවරුන්ගේ තොරතුරු 20 පෙර ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මහ ලේකම් ඉල්ලයි

colombotoday

හිටපු මුහුදු කොටි නායිකා බහිරතී නිදහස්‌

colombotoday

“වගා බදු අරමුදලේ කෝටි 600 ක් ආගිය අතක් නෑ“ ගොවිජන සම්මේලනයෙන් රජයට චෝදනා

colombotoday

නවක වධය දරාගන්න නොහැකිව මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගනී

colombotoday