Colombo Today Local News

විවිධ පැමිණිලි පොතේ පිටු පිළිස්සූ සැරයන්වරයකුගේ වැඩ තහනම්

ආගරපතන පොලිසියේ විවිධ පැමිණිලි සටහන් පොතේ පිටු පුළුස්සා විනාශ කළ සැරයන්වරයකුගේ වැඩ තහනම් ලක් කළ බව ආගර පතන පොලිසිය පවසයි.

සැකකාර පොලිස් සැරයන්වරයා එහි ආධුනික පොලිස් කොස්තාපල්වරියකට මෙම පොත විනාශ කරන ලෙසට කර තිබූ දැනුම්දීමකට අනුව, එම ආධුනික පොලිස් කොස්තාපල්වරිය සටහන් පොත කාන්තා නේවාසිකාගාරය වෙත රැගෙන ගොස් එහි පිටු ගලවා කිහිපයක්ම පුළුස්සා විනාශ කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ආධුනික පොලිස් කොස්තාපල්වරිය ගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකාර සැරයන්වරයා කර තිබූ දැනුම්දීමකට අනුව පොත විනාශ කළ බවට දැනුම් දී ඇත.

කිසිදු උසස් නිලධාරියෙකුගෙන් අවසර නොගෙන විවිධ පැමිණිලි සටහන් පොත විනාශ කිරීම සම්බන්ධයෙන් මෙම සැරයන්වරයා නුවරඑළිය සහකාර පොලිස් අධිකාරිවරයා විසින් වැඩ තහනම් කර ඇත.

නුවරඑළිය සහකාර පොලිස් අධිකාරීවරයා යටතේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.

Related posts

බිරිඳගේ 12 හැවිරිදි නැගණිය ගැබිනියක කළ සැමියාට වසර 39ක සිර දඬුවමක්

Admin

වැඩි කරන ලද විශ්‍රාම වැටුප ඉල්ලා විශ්‍රාමිකයින්ගෙන් පෙත්සමක්

colombotoday

සක්විති රණසිංහට ඇප නියමවේ

colombotoday

අයවැයෙන් වැඩිම මුදල ණය ගෙවීමට

colombotoday

චීන තානාපති, හිටපු ජනපති හමුවෙයි

colombotoday

ඇප අයඳුම්පත් සලකා බලන්න අලුත් ක්‍රමයක්

colombotoday