Colombo Today Local News

ප්‍රජා ශාලාවක සිවිලිමේ ලක්ෂ 60ක කුඩු සඟවලා

බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාවක සිවිලිමේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 60 කට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගෙන තිබේ.

එම ස්ථානයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 600 කට අධික ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන කිසියම් පුද්ගලයකු ප්‍රජා ශාලාවේ පිටත සිවිලිමේ මේවා සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත් කුඩු තොගය බොරැල්ල පොලිසිය වෙත භාරදී ඇත.

Related posts

රටවල් වලට පොල් පෙනන්න කෝටි 13 ක් වැය කරලා

colombotoday

එන්නත ගැනීමෙන් ඇතිවන අතුරු ආබාධවලට වඩා කොවිඩ් හැඳුනොත් ඇතිවන අතුරු ආබාධ පස් ගුණයකින් වැඩියි

colombotoday

සජබ මන්ත්‍රීවරු මැතිසබයෙන් පිටව යති

colombotoday

නව ලිට්‍රෝ සභාපති මෙන්න

Admin

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සභාපතිගෙන් කප්පම් ඉල්ලූ වෙඩික්කරු අත්අඩංගුවට

Admin

යහපාලන පොරොන්දු ඉටු කළා නම් මෙහෙම වෙන්නේ නැහැ – පාටලී චම්පික රණවක

colombotoday