Colombo Today Local News

ආගම්වලට අගෞරව වන ප්‍රකාශ නිකුත් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

ආගම්වලට අගෞරව වන පරිදි යම් යම් අය ප්‍රකාශ නිකුත් කිරීමෙන් ආගම් අතර අනපේක්ෂිත ගැටළු ඇති විය හැකි බැවින්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙවැනි කාරණා සම්බන්ධයෙන් පොලිසියේ විශේෂ අවදානය යොමුව ඇති බවත්, විවිධ ගැටුම්වලට පාදක වන ප්‍රකාශ සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමුකර කඩිනමින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවද හෙතෙම සඳහන් කරයි.

විවිධ ගැටුම් වලට පාදක වන කරුණු සහ ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අනුව වහාම ක්‍රියාත්මක වී ඊට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන්නේ මේ ආකාරයේ කාරණා හේතුවෙන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

රට තුළ ගැටුම් ඇති වන අන්දමේ ආගම්වලට අගෞරව කරමින් ප්‍රකාශ නිකුත් නොකිරීම සෑම පුද්ගලයකුගේම වගකීමක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මේ ආකාරයේ ප්‍රකාශ සිදුකර ඒවා මුල්කරගෙන සමාජයේ යම් ගැටුම්කාරි තත්ත්වය හටගතහොත් එහි ප්‍රතිවිපාක ඔවුන්ට විදිය යුතු බවත්, කිසියම් ප්‍රකාශයක් කරන්නේ නම් රටේ නීතියේ සීමාවට යටත්ව ප්‍රකාශ සිදුකළ බවත්, නීතිය පරිබාහිරව යම් කිසි පුද්ගගයකු ඒ ආකාරයේ ප්‍රකාශ සිදුකරන්නේ නම් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් CEYPETCO අංක එකට – මාස 4ක් තුළ බිලියන 628ක පාඩුවක්

colombotoday

විශ්වාසභංගයට පෙර අවසන් වරට අගමැති රනිල් ජනපති හමුවෙයි.. සාකච්ඡා තීරණාත්මකයි

colombotoday

හමුදා, පොලිස් 200 කට අධික පිරිසක් කිලිනොච්චියේ නිවාස 400ක් හදීසි සොදිසි පරික්ෂාවකට

colombotoday

මමත් සිංහලේ තමයි – ඇමති හරීන්ට අම්මා තාත්තා මතක්වී කියයි

colombotoday

‘සදා ලෝක පූජිත සංගක්කාරගම‘ ට සජිත්, සංගා අතින් මුල්ගල තැබේ…

colombotoday

කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව කටයුතු කල කරුණා අම්මාන් කල දේවලට සමාව දෙනවා-SB

colombotoday