පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද (27)දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන සිකුරාදා (30) දක්වා කල් දමා තිබේ.
ලබන සිකුරාදා පෙරවරු 9.30ට කතානායකවරයාගේ ප්රධානත්වයෙන් ඒම රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
එහිදී දේශීය ණය ප්රතිව්යුහගතකරණයට අදාළ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් ලබන සෙනසුරාදා සහ ඉරිදා දින දෙක තුළ පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව සඳහන් වේ.