මෙවර පොසොන් පොහොය දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගත සිරකරුවන් 440කට විශේෂ රාජ්ය සමාවක් පිරිනමා තිබේ.
පිරිමි 434ක් සහ කාන්තාවන් 06ක් ඒ අතර සිටින බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.
හෙට (03) දිනයේ මෙම පිරිස නිදහස් කිරීමට නියමිතය.