Colombo Today Local News

මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් සමඟ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑ 4ක් අත්අඩංගුවට

කිලිනොච්ච්, මරදන්කේනි පොලිස් වසමේ විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් අසලදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එක් සැකකාරියක් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාගේ කාර්යාලයේ සේවය කරන 53 හැවිරිදි පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය පවසයි.

අනෙක් සැකකාරිය 54 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචි ගුරුවරියකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 40 හැවිරිදි වව්නියාව ප්‍රදේශයේ පදිංචි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රිවරයාගේ රියැදුරෙකුද වෙයි.

43 හැවිරිදි අනෙක් සැකකරු යාපනය ප්‍රදේශයේ ගුරු සංගමයක උප සභාපතිවරයෙකු බව පොලිසිය පවසයි.

ඔවුන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ(15)දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරි බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය දෙවැනිදා වූ එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණු අතර ඔහුද ශරීර ඇප මත මුදා හැරීමට කිලිනොච්චි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

Related posts

කට නිසා රාජිත හොට බිම ඇන ගනී.. මාධ්‍ය හමුවේ කළ අපහාසයට වන්දි ඉල්ලා නඩු දමයි

colombotoday

ගැට කපන්නකුට එරෙහි වූ තරුණයෙක්ට පිහි පහර

Admin

5 වැනිදායින් පසු විදුලි කප්පාදුවක් නැහැ… හෙට සිට ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි

colombotoday

ඇමති විමල්ගේ නිවසේ දී රැස්වු කණ්ඩායම ජනපති අතර හමුවක්

colombotoday

රට පුනරුදය කරා කැඳවන යුගය අරඹා අවසන්

Admin

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමයි

colombotoday