Colombo Today Local News

රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවීන්ට… යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි

රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් ගොවීන් වෙත අලෙවිකරන කිලෝග්‍රෑම් 50කින් යුත් යූරියා පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ජුනි මස 15 වෙනි දින සිට මෙම මිල අඩුවීම ක්‍රියාත්මක වේ.

යූරියා පොහොර අඩුකිරීම පිළිබඳව අද (31)දින පැවති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන තිබේ.

ජුනි මස 10-12 අතර දිනයක මෙරටට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 31,500ක පොහොර නැවක් පැමිණීමට නියමිතය.

ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසියත්, ලෝක වෙළඳපොළේ යූරියා පොහොර මිල අඩුවීමේ වාසියත් ගොවීන්ට ලබා දීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

74 හැවිරිදි සීයා 15 හැවිරිදි මිනිබිරිය ගැබිනියක් කරලා

colombotoday

“ආණ්ඩුව අශූචි වලක්.. අපි ඉන්නෙ කළකිරීමෙන්“ ශ්‍රීලනිප ඇමති ලක්ෂ්මන් යාපා (Video)

colombotoday

සති 50ක් බලයේ සිටි ජනපතිවරයා ශත 50ට වැටුණා… ඔහු ජනපති කරවීම ගැන ජනතාවගෙන් සමාව ඉල්ලනවා…

colombotoday

බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් යතුරුපැදි දෙකක් යට කර අයෙක් මහමග කපාකොටා මරයි

colombotoday

දංකොටුවේ නිවසක් තුල කාන්තාවක් ඝාතනය කරයි

Admin

ඇමති විජේදාසගේ සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් ගැන විශේෂ විමර්ෂණයක්

colombotoday