Colombo Today Local News

ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු වෙයි?

ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය හැකි ඉක්මනින් රෝගී ජනතාව වෙත ලබාදීමට පියවර ගන්නැයි තමන් ඊයේ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඖෂධ මිල 10% – 15% ප්‍රමාණයකින් අඩු කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ මිල පාලන ඒකකයේ නිලධාරීන් අද (17)දින රැස්වීමට නියමිතය.

ඩොලරය අවප්‍රමාණය වීමේ දත්ත විශේලේෂණය කර කඩිනමින් අමාත්‍යවරයා වෙත ඖෂධ මිල සංශෝධනය පිළිබඳ වාර්තාවක් ලබා දෙන බව ද ඖෂධ මිල පාලන ඒකකය ප්‍රකාශ කරයි.

Related posts

රිමාන්ඩ් කර සිටි හිටපු සීඅයිඩි ලොක්කා, ශානි අඹේසේකරට කොරෝනා

colombotoday

පාස්කු ප්‍රහාරකයන්ගේ ඡායාරූප යොදා ජනපතිගේ අගමැතිගේ ව්‍යාජ ඡායාරූප හැදුවේ මන්ත්‍රීවරයෙක්

colombotoday

වෙරි සොරි මැඩම්, එජාප ප්‍රතිපත්ති ශ්‍රීලනිපයේ අපට ගැළපෙන්නෑ, අපේ සහය සජිත්ට නෑ – දයාසිරිගෙන් චන්ද්‍රිකාට සැර ලිපියක්

colombotoday

ගොඩගැසී ඇති නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කිරීමට වැඩපිළිවෙලක්

colombotoday

රත්නපුර ගංවතුර තත්ත්වය ඉහළ යා හැකියි… පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි

colombotoday

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට

colombotoday