Colombo Today Local News

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

එෛතිහාසික සිගිරිය පැරණි නඟරය ආසන්නයේ ඇති සිගිරිය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගොඩ නැගිල්ලක් ඊයේ (7)රාත්‍රියේ සිදුවු වන අලි ප්‍රහාරයක් හේතුවෙන් විනාශයට පත්ව තිබේ.

මේ අන්දමින් සිගිරිය ප්‍රදේශයේ ස්ථාන රැසක් වන අලින් විනාශයට පත්කිරීම කලක සිට සිදු වන බව වාර්තා වේ.

ජිවිත රැසක් විනාශයට පත්වෙද්දි බලධාරින් නිහඩව සිටින බව ප්‍රදේශ වාසීන් චෝදනා කරයි.

මෙම පාසලට මාස දෙකකට පමණ පෙර පාසල් වෙලාවේ වන අලින් පැමිණ ඇත. ඒ මොහොතේ රැස්වු දේශපාලනකයෝ හා අධ්‍යාපන නිලධාරින් අලි විදුලිය වැටක් අනුමත කර ඇති අතර ඒ සදහා මුදල්ද අනුමත කල බව මින් සතියකට පෙර ගලේවෙල අධ්‍යාපන කාර්යාලයේ දි පැවැති ජංගම සේවකදි නිලධාරින් දැනුවත් කරමින් විදුහල්පති වරයා පවසා ඇත.

එහිදි අලි වැටට අදාල කණු ලබාදිමට දේශපාලකයෝ අසලදි වනජිවි කාර්යාලය බාරගත්තද එම කනු නොලැබිම නිසා අලි වැට ප්‍රමාද බව විදුහල්පතිවරයා පවසයි.

විදුහල්පතිවරයා දරුවන් හා පාසල රැක ගන්න ගත් වෙහෙස පුස්සක් කරමින් ඊයේ රාත්‍රි 11. 30ට පමණ අලි පහර දිමෙන් පාසලේ ප්‍රාථමික අංශයේ එක් ගොඩ නැගිල්ලක් විනාශයට පත්ව ඇත.

දඔුල්ල මහින්ද රත්නායක

Related posts

සමාජ මාධ්‍යයේ ව්‍යාජ පුවත් පලකරන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

“මාධ්‍ය මට ගැහුවොත් මාත් ගහනවා.. ගහන්නෙ ප්‍රසිද්ධියේමයි“ අගමැති කියයි

colombotoday

ආණ්ඩුවේ ලොක්කන්ට ආර්ථික දැනුමක් නෑ

Admin

ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 264ක් අල්ලයි

colombotoday

විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යන ලකුණු

colombotoday

හොරොයින් පැකට් කල කතුන් 6ක් දැලේ

colombotoday