Colombo Today Local News

කොස්තාපල්වරයකුට පොරොවෙන් කෙටූ හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

මඩකලපුව කලවංචිකුඩි ආරියම්පති ප්‍රදේශයේ පවුල් ආරවුලක පැමිණිල්ලක් විභාග කිරීමට ගිය කලවංචිකුඩි පොලිසියේ කොස්තාපල්වරයකුට පොරවකින් පහර දී තුවාල සිදු කළ හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයකු අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 47 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු බීමතින් බිරිඳට හිරිහැර කරන බවත්, ඇයට නිවසට පැමිණීමට නොදෙන බවටත් ඇය පෙරේදා (18)දින කාන්තන්කුඩි පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය ඊයේ (19) පෙරවරුවේ පැමිණිල්ල විභාගයට ගිය අවස්ථාවේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සැකකරු මුන ගැසීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන් සමග බහින් බස් වී පොලිස් නිලධාරියකු වෙත පොරෝ තලයකින් පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොරෝ තල පහර වැදීම නිසා තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මඩකලපු රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

කලහාකාරි ලෙස හැසුරුණු සැකකරු සමග සෙසු පොලිස් කොස්තාපල්වරයා පොරබදා ඔහු මෙල්ල කර ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේ මේ දී ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී අත් බෝම්බයක් සොයාගත් බව පොලිසිය පවසයි.

Related posts

තවත් 400කට අද ද්විත්ව පුරවැසිභාවය පිරිනමයි…

colombotoday

ආණ්ඩුව බෙදුම්වාදයට යටත් වුණා. තව ඇත්තේ ඊළාම කොඩිය සහ ඊළාම් රාජ්‍යය පිළිගැනීම පමණයි – මුසම්මිල්

colombotoday

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

බැංකු ණය අය කිරීම මාස 6කින් කල් දැමේ… අද මැදියම් රෑ සිට සහන රැසක් !

colombotoday

ඇල්පිටිය ප්‍රතිඵලය විකෘතියක්

Admin

“මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක” කියා බෝඩ් ගහගෙන ගංජා ඇදලා..

colombotoday