Colombo Today Local News

“අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවලට පමණක් මුදල් වෙන් කරන්න” – ජනපතිගෙන් උපදෙස්

රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ අරමුණින් අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සැපයීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

රජය පෙර සිදුකළ පරිදි අරමුදල් නිකුත් කිරීමෙන් ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා සැපයීමේ කාර්යයට මේ මොහොතේ අහිතකර ලෙස බලපාන බව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එය රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියටද බාධාවක් බව සඳහන් කර ඇත.

මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට ද පසුගිය දා පියවර ගෙන ඇති අතර අත්‍යවශ්‍යයෙන් ම දැරිය යුතු පුනරාවර්තන වියදම් සඳහා පමණක් අරමුදල් නිදහස් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ඒ අනුව, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, ණය සේවා, විශ්‍රාම වැටුප්, රෝහල් වෛද්‍ය සැපයුම්, මාසික සමෘද්ධි සහනාධාර, වැඩිහිටි මූල්‍ය ආධාර, ආබාධ සහිත අඩු ආදායම්ලාභීන් සඳහා මූල්‍ය ආධාර, වකුගඩු රෝගීන්ට මූල්‍ය ආධාර සැපයීම, ආර්ථික දුෂ්කරතාවලින් පීඩාවට පත් වූවන්ට ගෙවීමට අය-වැයෙන් යෝජනා කර ඇති පරිදි මූල්‍යාධාර ලබා දෙනු ඇත.

එසේ ම 5 වසර ශිෂ්‍යත්ව දීමනා, මහපොළ ශිෂ්‍යාධාර, ත්‍රිපෝෂ වැඩසටහන, ගොවි විශ්‍රාම වැටුප, පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන, රණවිරු සහ ආබාධිත රණවිරු දීමනා, රණවිරු මාපිය රැකවරණ දීමනාව, කල්දැමිය නොහැකි විදුලිය, ජලය, ඉන්ධන සහ අත්‍යවශ්‍ය විදුලි සන්දේශ සේවා, රෝහල්, බන්ධනාගාර, ආරක්ෂක අංශ සඳහා ආහාර සැපයුම්, නඩත්තු සේවා, ගොඩනැගිලි කුලී, පිරිසුදු කිරීමේ සේවා, ආරක්ෂක සේවා සම්බන්ධයෙන් ඇතිකර ගත් ගිවිසුම් අනුව ගෙවීම්, සේවක අර්ථසාධක වැනි ව්‍යවස්ථාපිත ගෙවීම්, පොහොර සහනාධාරය සැපයීම යන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කෙරේ.

Related posts

තොරතුරු දැනගැනීමේ පනත යටතේ මුදල් ඇමති රවීගේ වත්කම් ගැන තොරතුරු ඉල්ලයි !

colombotoday

“බදියුදීන් එදත් හොරා අදත් හොරා.. එදත් කැලෑ කැපුවා, ජාතිවාදී වැඩ කරා.. අදත් ඒකම කරනවා” – ඇමති රංගේ

colombotoday

ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

විස්සේ ඡන්ද විමසීම ඇරඹේ

colombotoday

කුරානයක් සමග (හිමිනමක්) මහරගමදී අල්ලා පොලිසියට බාර දෙයි… කුරානය බිම වැටී (හිමිනම) නොසන්සුන් වෙයි…

colombotoday

සයිටම් ගැටළුවට ජනපති විසදුමක් දෙයි.. සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

colombotoday